Monday, 10 September 2018

තුන්කොන් ආදරේ 


සමහර ජිවිත තියනවා ඒ ජිවිත වටේ ගැහෙන දන්න හදුනන තමන්ගෙම හදවත්ම විතරක් ඒ අයගේ මුළු ජිවිතේම කරගත්තු.එතනින් එහාට තවත් හදවත් සමීප කරගන්න තේරෙන්නෙත් නැති  ඒ වගේම බය.

ඕකම වෙන්න ඇති නිව්ටන් අවස්ථිති නියමයෙන් කියන්නෙ;වෙනස්වෙන්න තියන අකමැත්ත කියලා.අපි බැදීම් එක්ක ඒ තරම් බැදිලා.

ඉතිම් අමාරුවෙන් ඉඩ  හදාගන්න තව බැදීමක් කියන්නේ ඒ ජිවිත වලට හරිම ලස්සන වස්සානයක්ම වගේ වේවි.

ප්‍රියාල් අමරසිංහයන් කියන නටුවෙන් ගිලිහුණ පින්න මලක් වගේ සෙනෙහස සුව විදිවී.

ජිවිතේට බලාපොරොත්තු එකතු කරගනිවි.හරියට වෙලාව පහු උනාම හැම දෙයක්ම අතුරුදහන් වෙලා ඉතුරු වෙච්ච සින්ඩ්‍රෙල්ලගෙ එකම එක සපත්තුව වගේ ඒ බලාපොරොත්තු ජිවිතේට ආලෝකයක් ගෙන ඒවි.

ඒ වගේම ඒ බලාපොරොත්තු බිදිල විසිරිල ගියාම වස්සානය ආවටත් වඩා වේගෙන් ගිහිං කියලා හිතේවි.

මෙයිට වඩා හොදයි මැරිලා ගියානම් කියලා ජිවිතයම කඩා වැටේවි.ජිවිතය අතාරින්නට හිතෙන්නෙ ඊලග තප්පරය ගැන කිසිම හැගීමක් බලාපොරොත්තුවක් නැති අමාරුම මොහොතකයි.කෙනෙකුට නොසැලකිය හැකි තරම් ආදරයක් තවකෙකුට ජිවිතයම විය හැකියි.

හිතලා හෝ නොහිතා හිතක් නැගිටින්නට බැරි තරම් වට්ටන්නෙ තවත් හිතකි.

මල්ල පිටින් ආදරය බලාපොරොත්තු වෙච්ච ඒ  ජිවිතම මල්ල පිටින්ම ආදරය පරිත්‍යාග කරාවි.මල්ල පිටින් ආදරය කරන්නට ඕනෑ ආදරය නැති උනාම බිම පතබෑවී ඇදවැටෙන බව දැන දුකක් ආවිටත් ඉන්නට හිස් ඉඩක් ජීවිතය තුල ඉතුරු කරගනිමිණි.

අයිස්න්ස්ටයින්ට අනුව ඔය බිමපතබෑවී වැටී මැරෙන්නට සිතීම ජිවිතේට සාපේක්ෂව සුලගට පාවෙලා ආව පින්න මලක් වගේ නොසැලකිය හැකි තරම් දෙයක්ම වේවි.

ඔය අතර සමහර සම්බන්ධ කම් තියෙනවා ඔඩු ගියපු තුවාල වගේ සනීප වෙන්නෙ මරණෙන්ම විතරක් වෙන,එක්කො එකතුවෙන්නොන නැත්තන් මරණය දක්වාම විදවයි.ජිවිතේ හැටි ඔහොම තමයි.

ඉතිම් ඊලගට තනිකමට පෙම් කරාවි..මහා සෙනගක් ගැවසෙන කලබලකාරී නගරයක වුවද ඒ තනිකම තනිකමක්ම වේවි.

පාළු කැලේක බවුන් වඩන තවුසෙකුට වඩා ඒ තනිකම ඇස්කඩේලීයාගේ නපුරු මායව තරම් අදුරක්ම වේවි.කලබලකාරි නගරයත් පාළු කැලේත් වෙනස තමන්ගෙම හිත බව වැටහෙන්නට ගනීවි.

ඉතිම් වස්සානය නම් පෙර දැනුන හැගීම නොව මනුතාපයෙහි වික්ටර් හියුගෝ පවසන ලෙස මිනිස්සු එකිනෙකාට ආදරය කිරීමම යැයි වැටහේවි.

ඉතිම් ඒ මල්කැමි වල රොන් සොයන බිගු රැලක විෂ දල තුඩකින් සගවාගෙන පරිස්සමට තියාගත්ත තමන්ගෙම ආදරය වරා මලක් වගේ පිටි අල්ල මත තබා පිඹ හරිවි.තමන්ගෙන් මිදී සුලග එක්ක දැවටි දැවටි දග කරන ඒ ලස්සන ප්‍රේමය දිහා කන්දුලු අතරින් ආදරයෙන් බලා ඉදිවී.

තම්න්ට නොලැබෙන දෙයක් තවකෙකුට ලැබීමේ සතුට මේ ලෝකයට ඕනෑ ආදරය සහ ආදරණීය මිනිසුන් බව තහවුරු කරාවි.

ඉතිම් ඒ අර මල්ල පිටින් බදාගෙන ඉදි ආදරය මල්ල පිටින්ම පරිත්‍යාග කරනා විදිහයි.රාගයෙන් තොර සද එලිය තරම් සෞම්‍ය ප්‍රේම කතා නෑ කියලා කවුරු කීවත් ඒ හුරුපුරුදු ජීවන මග නැවතුණු අනාරාධිත සුවද ආත්මයපුරාම සුවද විහිදනතුරු නම්  කිසිසේත්ම පිලිනොගනිවී.

හර්ෂි.......

                ගෘහනිය


එදා හෙළදිව ස්වයංපෝෂිත වූයේ ගොවියාගේ රන් දහදියෙන් ලක් පොලවේ වැපිරූ  බ්ජු මල් ඵල ගැනීමෙනි.අතීත වැසියන්ගේ කෘෂිකාර්මික දිවිපැවැත්ම හේතු කොටගෙන එකල රට ස්වයංපෝෂිත වූවා පමණක් නොව පවුල නම් ඒකකය ඉතාමත් ප්‍රියජනක ස්ථානයක් වූහ. එනමුදු විවෘත ආර්ථිකයක් සමඟ ලෝකය අප රටට විවෘත වීම මුලු මහත් සමාජයටම පෙරලියක් සිදු කලේය.වර්තමානයේ දැකියහැකි විදේශ සේවා නියුක්තියද මෙහි ප්‍රතිඵලයකි. රට දැය ගොඩනැගීමට නොව සිය කුටුම්බයෙහි දරිද්‍රතාවය දුරු කරලීම වස් ගෘහනිය පවුලේ බර කරට ගෙන විදේශ ගත වීමට තීරණය කරයි . පවතින ආර්ථිකය හමුවේ බොහෝ පවුල් ජීවන බර නිසාවෙන් ආරවුල් ඇති කර ගනී.
          බොහෝ කතුන් ඇඟලුම්හල්වලට තම දිවිය කැපකරන අතරම තවත් පිරිසක් තම දිවිය විදේශ සේවයට කැප කරයි.අතීත ගෘහණිය තම සැමියා ගොවිතැන් කටයුතු කර නිවසට පැමිණෙන තෙක් දරුවන් සමග මග බලා සිටින්නීය. සැමියගෙ වෙහෙස දරුවන්ගේ සහ බිරිදගේ මුව දැකීමෙන් වහා පහව යයි. මව පියාගේ උණුසුම යටතේ දරුවන් හැදී වැඩුණේය. නමුත් වර්තමාන සමාජයේ දරුවන් එක් තැනකය. මව විදෙස් රටක නිවසක මෙහෙකාරකම්  කරන්නීය. ඇතැම් විට කායික හා මානසික පීඩනයට යටත්ව ස්වාමියන් යටතේ ඇයට සේවය කරන්නට සිදුවේ. ඒ පිළිබද විවිධ පුවත් මෑත කාලයේ දී බහුල වසයෙන් අපට අසන්නට ලැබුනි. මැදපෙරදිග ගෘහ සේවයට හීන පොදි බෙදගෙන යන ලාංකික ගෘහනිය බොහෝවිට පැමිනෙන්නේ හිස් අතින්‍ ය. පොලු පහරවල් කෑමෙන් , දරුනු තුවාල ලැබීමෙන්, නොයෙකුත් අමනුශික හින්සනයන්ට ලක් වීමෙනි. ලිංගික අතවරයන්ට ලක්වීමෙනි. කෙසේ වුවද ඔවුන් පැමිනෙන විට ඔවුන් බලාපොරොත්තු වූ ගෙවල් දොරවල් ඉදි වී නොමැත. සින්න වීමට ගිය රන් භාණ්ඩ ඉඩ කඩම් සින්න විය. අවසානෙට තමන්ගෙ දරුවන් සී සී කඩය. ඇහැට කනට පේන ගැහැනු දරුවන් සිටීනම් ඔවුන් හොර රහසෙම කොහේහෝ සල්ලාලයෙකු සමග පවුල් වී හමාරය. කුඩා දරුවන් අධ්‍යාපනය අතර මග අඩාල කරගෙනය.තම ස්වාමියා අනියම් බිරිදකට නතු විය නැතිනම් සුරාවට ලොල් විය.                                                            කෙසේ වෙතත් කාන්තාවක් මැදපෙරදිග සේවයට යාමේදී දෙපාරක් නොව සිය දහස් වරයක් වත් අඩුම තරමේ සිතා බැලිය යුතුය. මන්ද රටක් විදියට ලංකාවේ මැදපෙරදිග ගෘහ සේවයට කාන්තාවන් යැවුවද ඒ පිළිබද වගකීමක් දරන්නට රජය සූදානම් වී නොමැත. එබැවින් බිරිදක් ගෘහනියක් වසයෙන් ජීවිතය සොයා යාමට පෙර යතාර්තය ගැන සිතා බලා වැඩ කටයුතු කිරීමය. නැතිනම් රටක රජයක් විදියට මැදපෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන් පිළිබදව මීට වඩා වගකීමක් දැරිය යුතුය.නැතිනම් ගෘහනියන්ට තම ස්ව ශක්තියෙන් නැගී සිටීමට ස්වයංරැකියා වෙළදපොලට නිර්මාණය කළ යුතුයි.                                                                                                                                               ...... හර්ෂි......

Thursday, 9 August 2018

හාදුව


සිපගැනීමි වැළඳගැනීමී
හැම එකක්ම මැද
ආත්මය සුවපත් කරන
හදවත පසාරු කරන
ආරක්ෂාකාරීම හැගීම
ඔබෙන් ලැබෙන
මුදු නළලත හාදුව....
හර්ෂි.....

Monday, 30 July 2018


සුද්දි ...... 


මාස දෙකකට සැරයක් අප්පච්චීගේ මහ ගෙදරට යාමේ පුරුද්දක් මට තිබුනා. බාප්පා එක්ක තනියම ඉන්න ආච්චි අම්මා හිටියේ මන් එනකල් බලාගන. ගාල්ල ස්ටේෂන් එකෙන් බැහැලා ඉමදුව බස් එකෙන් කදුරුදූව හන්දියෙන් බැහැ ගන්න පුලුවන්. මන් බස් එකෙන් බහිනකොටත් හවස හය පහු වෙලා කලුවර වැටිලා.පුරුද්දට වගේ හන්දියේ කඩෙන් කඩල පැකට් එකක් අරන් මග දිගට කකා ගියා. මන් යනකොටත් ආච්චි අම්මා දොරකඩ බලන් ඉන්නවා. අප්පච්චීගේ මහ ගෙදර ගොඩක් පරණ තාලේ වලව්වක්. ටිකක් පාලූ ගතියයි. අපේ ගෙදරට යමු කියලා අප්පච්චී කොච්චර කිව්වත් එයා මේ ගෙදර දාලා යන්න සූදානම් නෑ.

"අනේ අම්මපා උස් මහත ලමිස්සියන්ට ගොම්මන් වෙලාවේ පුලුටු කකා පාරවල්වල තනියම එන්න හොදයිද? සුද්දිට වෙච්ච් දේ දන්නවනම් උබලා ඔහොම වෙන්නෙ නෑ"

මං ඇග සෝදාගෙන එනකොටත් ආච්චි අම්මා බත් බෙදාගෙන බලන් ඉන්නවා.

"මොකක්ද ආච්චි අම්මා අර සුද්දිගේ කතාව?"

"ආ ඒක ගොඩක් පරණ කතාවක් කෙල්ලේ. අපි උබලාටත් වැඩිය පොඩී මගේ හිතේ. අපේ ගමේ හිටියා සුද්දි කියලා අක්ක කෙනෙක්. ඇග පත පිරිච්චි ලස්සන ගැණී. කාලයක් රෑට රෑට සුද්දි අක්කලාගේ ගෙදරින්  හූ කියලා මර ලතෝනි තියන සද්දයක් ඇහෙනවා. අපේ අම්මලා ඔක්කොම දුවන් යනවා. ඒ තමයි එකිට කලු කුමාරයා වැහිලා කියලා ගමේ මිනිස්සු කිව්වෙ. "

කලු කුමාරයා තමයි ගෑනුන්ට, වීශේෂයෙන් අලුතින් වැඩිවියට පත් වෙච්ච ගෑනු ලමිස්සියන්ට තනි මංවලදී හෝ සීනෙන් හෝ පෙනී දිෂ්ට් හෙලා ලෙඩ රෝග පමුණුවන යක්ෂයා ය. කලු පාට   දැකුම්කළු අයෙක්. රට යකුම් යාගයටත් ආරාධනා තියෙනවා මේ කලු කුමාරයාට. මීමෙකු පිට නැගි නාගයෙක් ඔතාගෙන ඉන්නවා කියලා තමයි මිනිස්සු කියන්නේ. ගම්මු කියන විදියට කලු කුමාරයාට අවතාර හතක් තියෙනවා. හඳුන් කුමාර,අඳුන් කුමාර , මල් කුමාර, ගිරි කුමාර, දළ කුමාර,සොහොන් කුමාර,වාත කුමාර කියලා.කොහොමින් කොහොම හරි සුද්දි අක්කා කොන්ඩේ කඩාගන ලිඳට ගිහින් තියනව ගොම්මන් වෙලාවේ. එකත් කැවුම් කෑල්ලක් කටේ දාගෙන.

ඉතින් කොහොමහරි අවසානේට සුද්දි අක්කාට තනියම නිදාගන්නවත් බැරි උනා. සුද්දි අක්කගේ ඇඳ ගාව කලු පාට මනුස්සයෙක් හිටන් ඉන්නවා වගේ පේනවලු. සුද්දිට ඇලේට හැරිලා නිදාගන්නවත් දුන්නේ නෑලු. අවසානෙට සුද්දිගේ අම්මලා සුද්දිගේ ඇඳට සරමක් එහෙමත් දාලා තියෙනවා. ඔය මොනවා කරත් වැඩක් නැති හින්දා ගුරුන්නාන්සේ කියලා තියෙනවා ඉලන්දාරියෙක් හොයලා කසාද බන්ඳලා දාන්න කියලා. එතකොටත් සුද්දිට පලහිලව්වක් තිබිලා තියෙනවා ගමේ හිටිය සියාතු කියන මනුස්සයා එක්ක.     සියාතු හරි ඔතෑනි මිනිහා. මිනිහා මිනිහගේ පාඩුවේ ඉන්නවා. ඒ හින්දා සියාතුගේ ගෙදරින් සුද්දිට කැමති උනා. සියාතුට වෙන ගෑණියක් කැමති  වෙන්නෙ නැති හින්දා. අනික සුද්දිගේ ගෙදරින් කැමති උනෙත් සුද්දිගේ මේ දෝෂේ අහල ගම් හතම දන්න හින්දා. සියාතුටත් හරියන්නම සියාතුගේ මල්ලි සයිමන් හරි විසේ කාරයා.      ඒ කසාදේ උනා මතකයි මට.
                       
                              ට්ක කාලයක් ගියාට පස්සෙ ආයේ සුද්දිට ලමයි නෑ කියලා ගමේ කතා උනා.වඳ ගෑණි කියලා මිනිස්සු හරියට කතා හැදුවා. සුද්දිගේ නැන්දම්මා සියාතුටත් හරියට දොස් කිව්වා මූසල ගෑනියක්ට කර ගැහුවා කියලා. කලු කුමාරයා ගෑනු වඳ කරනවලුනේ. දේවාල ගානේ ගියාට පන්සල් ගානේ ගියාට ලමයි හම්බ උනේ නෑ. අවසානෙට සුද්දිගේ අම්මලට සුද්දිගේ නැන්දම්මා කියන කතා  අහගන ඉන්න බැරිම තැන රට යකුමක් නැටුව

                               දිෂ්ට් හෙළා කතුන් හා ළදරුවන් ලෙඩ රෝගවලට ගොදුරු කරගන්නා මෙන්ම ගෑනු වඳ කරගන්නා යක්කු තමයි රට යක්කු. ඔවුන්ගේ නායිකාව තමයි රිද්දි බිසව. ඇය නිතරම ඉන්නේ තවත් බිසෝවරු එක්ක. මේ බිසෝවරු රිද්දි බිසව් සත් කට්ටුව කියලා තමයි හඳුන්වන්නෙ. මේ වඳ බිසෝවරු හත් දෙනා තමන්ගේ වඳභාවය නැති කරගන්න දීපංකර බුදුන්ට තමන්ම වියපු නොඉඳුල් සලුවක් පූජා කරන්න ඔනේ බවත් ඉන් වඳභාවය දුරු වී ගැබ් ගන්නා බවත් තමයි  රිද්දියාගයෙන් පෙන්නුම් කරේ..
                  කොහොමෙන් කොහොමහරි අවසානෙට සුද්දිට රට යකුමකුත් නැටුවා. ටික දවසක් යනකොට සුද්දිට ලමයෙක් හම්බ වෙන්න කියලා ගමේ පැතිරුණා. රිද්දියාගයෙ ප්‍රතිඵල කියලා මිනිස්සු කතා උනා. අවසානෙට සුද්දිට ලස්සන කොල්ලෙක් හම්බ උනා. මාත් ගියා අම්මලත් එක්ක බලන්න. ගමේ මිනිස්සු කතා උනේ ඇරපු අතක් නෑ බාප්ප වගේ කියලා. මිනිස්සු ඕක කියන වාරයක් ගානේ සුද්දිගේ නැන්දම්මා ආයේ සුද්දි එක්ක රණ්ඩු වෙනවා. ඔහොම ඉදලා සයිමන්ගේ කසාදේ ඉක්මන් කරා සුද්දිගේ නැන්දම්මා. කසාදේට දවස් දෙකක් තියලා සුද්දී සයිමනුයි ලමයයි අතුරුදන් උනා. ඔන්න ඔහොමයි උනේ. පස්සෙ තමයි තේරුනේ සුද්දිට ලමයා හම්බ උනේ කොහොමද කියලා. පස්සෙ අරංචි උනා සුද්දිලා අනුරාධපුර පැත්තේ ඉන්නවා කියලා.
             ඔහොමයි සුද්දිගේ කතාව. රට යකුමෙන් ලමයා හම්බ උනා කියලා සුද්දි තමන්ගේ මිනිහවයි ගමයි රැවැට්ටුවා.

"කලු කුමාරයා පවුලකට කරපු හදියක් තමයි ඔය. ඒක තමයි මන් උබලාටත් කට කැඩෙනකල් කියන්නෙ ලමිස්සියෝ පරෙස්සම් වෙන්න ඔනේ මිනිස්සුන්ගෙන් විතරක් නෙවෙයි කියලා"
                               එහෙම කියලා ආච්චි අම්මා නැගිටලා ගියා. රට යකුමේ ඇත්ත නැත්තනම් ඕනේ පොඩි එකෙක්ට තේරුනාට මේ කලු කුමාරයාගේ කතාවේ ඇත්ත නැත්ත මට තේරුම් ගන්නත් අමාරුයි. ඔවා ජීවිතේට මන් විස්වාස කරලා නෑ. එහෙම හිතෙනවත් එක්කම ආපූ සීතල හුළඟට අනියත බයක් ඇති වෙලා මන් ආච්චි අම්මා ලගට දිව්වා. ඒ කියන්නේ ආච්චි අම්මා කියපු කතාව මගේ හිතේ පොඩි හරි බලපෑමක් ඇති කරලා කියලා.....



        (ගම්මුන් අතර ප්‍රචලිත කලු කුමාරයා සහ පහතරට ශාන්තිකර්මයක් වන රිද්දියාගය යන සංකල්පය පදනම් කරගෙන මෙම කෙටිකතාව ලියැවී ඇත.)

                          Hs/2015/0381
                          U.H ජයරත්න

Saturday, 28 July 2018


 තුන්වෙනියා


හිත ඔබේ ඇගේ ලඟ  නතරවන විට
මගේ හද ගැස්ම නතරවන බව ඔබ දන්නවානම් ...
ගත ඔබේ ඇගේ උණුසුමට ගුලිවන විට
ගත මගේ ගිනිගන්නා බව ඔබ දන්නවානම්......   
හිත මගෙ බොලඳ වී ඔබම ඉල්ලා
අසරණ වනහැටි ඔබ දන්නවානම්......
ප්‍රේමයක තුන්වෙනියා වීමම දුකක්  බව ඔබ දන්නවානම්....
හිත මගේ ඔබේ හිත ලඟ නතරකර නොගන්නා බව දනිමි  මං......

-හර්ෂි-

Tuesday, 17 July 2018


 දඩුවම


දේවාල ගානේ ගෑනිත් එක්ක
උඹ දරුවෝ ඉල්ලද්දී
මම උඹේ දරුවත් එක්ක
මහ පාරේ ජීවිතේ හෙව්වා
"නැතිකරලා දාපන් ඕක
මට ඕන ළමයෙක් නෑ"
ඒ මම උඹෙන් අහපු
අවසාන වචන ටික
උඹ දැක්කාම හිනා මට
පලයන් දැන්වත් ගෙදර
අහම්බෙන්වත් ඇහිල නැද්ද?
කරපු පව් හෝදන්න
දෙයියන්ටවත් බැරි බව.......
                                           -හර්ෂි-

දික්කසාදය


කූඩුවට නග්ගලා
අම්මද තාත්තද?
ඇහුවාම නඩුකාර තැන
හිතුනා අනින්නට 
දත් ඇන්ද කැඩෙන්නම
උඔට අහන්න තරම්
ලේ්සි නෑ මට
වෙන්කරල තෝ්රන්න 
ලේ්වලයි කිරිවලයි බැඳීම......


හර්ෂි