Monday, 10 September 2018

                ගෘහනිය


එදා හෙළදිව ස්වයංපෝෂිත වූයේ ගොවියාගේ රන් දහදියෙන් ලක් පොලවේ වැපිරූ  බ්ජු මල් ඵල ගැනීමෙනි.අතීත වැසියන්ගේ කෘෂිකාර්මික දිවිපැවැත්ම හේතු කොටගෙන එකල රට ස්වයංපෝෂිත වූවා පමණක් නොව පවුල නම් ඒකකය ඉතාමත් ප්‍රියජනක ස්ථානයක් වූහ. එනමුදු විවෘත ආර්ථිකයක් සමඟ ලෝකය අප රටට විවෘත වීම මුලු මහත් සමාජයටම පෙරලියක් සිදු කලේය.වර්තමානයේ දැකියහැකි විදේශ සේවා නියුක්තියද මෙහි ප්‍රතිඵලයකි. රට දැය ගොඩනැගීමට නොව සිය කුටුම්බයෙහි දරිද්‍රතාවය දුරු කරලීම වස් ගෘහනිය පවුලේ බර කරට ගෙන විදේශ ගත වීමට තීරණය කරයි . පවතින ආර්ථිකය හමුවේ බොහෝ පවුල් ජීවන බර නිසාවෙන් ආරවුල් ඇති කර ගනී.
          බොහෝ කතුන් ඇඟලුම්හල්වලට තම දිවිය කැපකරන අතරම තවත් පිරිසක් තම දිවිය විදේශ සේවයට කැප කරයි.අතීත ගෘහණිය තම සැමියා ගොවිතැන් කටයුතු කර නිවසට පැමිණෙන තෙක් දරුවන් සමග මග බලා සිටින්නීය. සැමියගෙ වෙහෙස දරුවන්ගේ සහ බිරිදගේ මුව දැකීමෙන් වහා පහව යයි. මව පියාගේ උණුසුම යටතේ දරුවන් හැදී වැඩුණේය. නමුත් වර්තමාන සමාජයේ දරුවන් එක් තැනකය. මව විදෙස් රටක නිවසක මෙහෙකාරකම්  කරන්නීය. ඇතැම් විට කායික හා මානසික පීඩනයට යටත්ව ස්වාමියන් යටතේ ඇයට සේවය කරන්නට සිදුවේ. ඒ පිළිබද විවිධ පුවත් මෑත කාලයේ දී බහුල වසයෙන් අපට අසන්නට ලැබුනි. මැදපෙරදිග ගෘහ සේවයට හීන පොදි බෙදගෙන යන ලාංකික ගෘහනිය බොහෝවිට පැමිනෙන්නේ හිස් අතින්‍ ය. පොලු පහරවල් කෑමෙන් , දරුනු තුවාල ලැබීමෙන්, නොයෙකුත් අමනුශික හින්සනයන්ට ලක් වීමෙනි. ලිංගික අතවරයන්ට ලක්වීමෙනි. කෙසේ වුවද ඔවුන් පැමිනෙන විට ඔවුන් බලාපොරොත්තු වූ ගෙවල් දොරවල් ඉදි වී නොමැත. සින්න වීමට ගිය රන් භාණ්ඩ ඉඩ කඩම් සින්න විය. අවසානෙට තමන්ගෙ දරුවන් සී සී කඩය. ඇහැට කනට පේන ගැහැනු දරුවන් සිටීනම් ඔවුන් හොර රහසෙම කොහේහෝ සල්ලාලයෙකු සමග පවුල් වී හමාරය. කුඩා දරුවන් අධ්‍යාපනය අතර මග අඩාල කරගෙනය.තම ස්වාමියා අනියම් බිරිදකට නතු විය නැතිනම් සුරාවට ලොල් විය.                                                            කෙසේ වෙතත් කාන්තාවක් මැදපෙරදිග සේවයට යාමේදී දෙපාරක් නොව සිය දහස් වරයක් වත් අඩුම තරමේ සිතා බැලිය යුතුය. මන්ද රටක් විදියට ලංකාවේ මැදපෙරදිග ගෘහ සේවයට කාන්තාවන් යැවුවද ඒ පිළිබද වගකීමක් දරන්නට රජය සූදානම් වී නොමැත. එබැවින් බිරිදක් ගෘහනියක් වසයෙන් ජීවිතය සොයා යාමට පෙර යතාර්තය ගැන සිතා බලා වැඩ කටයුතු කිරීමය. නැතිනම් රටක රජයක් විදියට මැදපෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන් පිළිබදව මීට වඩා වගකීමක් දැරිය යුතුය.නැතිනම් ගෘහනියන්ට තම ස්ව ශක්තියෙන් නැගී සිටීමට ස්වයංරැකියා වෙළදපොලට නිර්මාණය කළ යුතුයි.                                                                                                                                               ...... හර්ෂි......

No comments:

Post a Comment