තුන්කොන් ආදරේ
සමහර ජිවිත තියනවා ඒ ජිවිත වටේ ගැහෙන දන්න හදුනන තමන්ගෙම හදවත්ම විතරක් ඒ අයගේ මුළු ජිවිතේම කරගත්තු.එතනින් එහාට තවත් හදවත් සමීප කරගන්න තේරෙන්නෙත් නැති ඒ වගේම බය.
ඕකම වෙන්න ඇති නිව්ටන් අවස්ථිති නියමයෙන් කියන්නෙ;වෙනස්වෙන්න තියන අකමැත්ත කියලා.අපි බැදීම් එක්ක ඒ තරම් බැදිලා.
ඉතිම් අමාරුවෙන් ඉඩ හදාගන්න තව බැදීමක් කියන්නේ ඒ ජිවිත වලට හරිම ලස්සන වස්සානයක්ම වගේ වේවි.
ප්‍රියාල් අමරසිංහයන් කියන නටුවෙන් ගිලිහුණ පින්න මලක් වගේ සෙනෙහස සුව විදිවී.
ජිවිතේට බලාපොරොත්තු එකතු කරගනිවි.හරියට වෙලාව පහු උනාම හැම දෙයක්ම අතුරුදහන් වෙලා ඉතුරු වෙච්ච සින්ඩ්‍රෙල්ලගෙ එකම එක සපත්තුව වගේ ඒ බලාපොරොත්තු ජිවිතේට ආලෝකයක් ගෙන ඒවි.
ඒ වගේම ඒ බලාපොරොත්තු බිදිල විසිරිල ගියාම වස්සානය ආවටත් වඩා වේගෙන් ගිහිං කියලා හිතේවි.
මෙයිට වඩා හොදයි මැරිලා ගියානම් කියලා ජිවිතයම කඩා වැටේවි.ජිවිතය අතාරින්නට හිතෙන්නෙ ඊලග තප්පරය ගැන කිසිම හැගීමක් බලාපොරොත්තුවක් නැති අමාරුම මොහොතකයි.කෙනෙකුට නොසැලකිය හැකි තරම් ආදරයක් තවකෙකුට ජිවිතයම විය හැකියි.
හිතලා හෝ නොහිතා හිතක් නැගිටින්නට බැරි තරම් වට්ටන්නෙ තවත් හිතකි.
මල්ල පිටින් ආදරය බලාපොරොත්තු වෙච්ච ඒ ජිවිතම මල්ල පිටින්ම ආදරය පරිත්‍යාග කරාවි.මල්ල පිටින් ආදරය කරන්නට ඕනෑ ආදරය නැති උනාම බිම පතබෑවී ඇදවැටෙන බව දැන දුකක් ආවිටත් ඉන්නට හිස් ඉඩක් ජීවිතය තුල ඉතුරු කරගනිමිණි.
අයිස්න්ස්ටයින්ට අනුව ඔය බිමපතබෑවී වැටී මැරෙන්නට සිතීම ජිවිතේට සාපේක්ෂව සුලගට පාවෙලා ආව පින්න මලක් වගේ නොසැලකිය හැකි තරම් දෙයක්ම වේවි.
ඔය අතර සමහර සම්බන්ධ කම් තියෙනවා ඔඩු ගියපු තුවාල වගේ සනීප වෙන්නෙ මරණෙන්ම විතරක් වෙන,එක්කො එකතුවෙන්නොන නැත්තන් මරණය දක්වාම විදවයි.ජිවිතේ හැටි ඔහොම තමයි.
ඉතිම් ඊලගට තනිකමට පෙම් කරාවි..මහා සෙනගක් ගැවසෙන කලබලකාරී නගරයක වුවද ඒ තනිකම තනිකමක්ම වේවි.
පාළු කැලේක බවුන් වඩන තවුසෙකුට වඩා ඒ තනිකම ඇස්කඩේලීයාගේ නපුරු මායව තරම් අදුරක්ම වේවි.කලබලකාරි නගරයත් පාළු කැලේත් වෙනස තමන්ගෙම හිත බව වැටහෙන්නට ගනීවි.
ඉතිම් වස්සානය නම් පෙර දැනුන හැගීම නොව මනුතාපයෙහි වික්ටර් හියුගෝ පවසන ලෙස මිනිස්සු එකිනෙකාට ආදරය කිරීමම යැයි වැටහේවි.
ඉතිම් ඒ මල්කැමි වල රොන් සොයන බිගු රැලක විෂ දල තුඩකින් සගවාගෙන පරිස්සමට තියාගත්ත තමන්ගෙම ආදරය වරා මලක් වගේ පිටි අල්ල මත තබා පිඹ හරිවි.තමන්ගෙන් මිදී සුලග එක්ක දැවටි දැවටි දග කරන ඒ ලස්සන ප්‍රේමය දිහා කන්දුලු අතරින් ආදරයෙන් බලා ඉදිවී.
තම්න්ට නොලැබෙන දෙයක් තවකෙකුට ලැබීමේ සතුට මේ ලෝකයට ඕනෑ ආදරය සහ ආදරණීය මිනිසුන් බව තහවුරු කරාවි.
ඉතිම් ඒ අර මල්ල පිටින් බදාගෙන ඉදි ආදරය මල්ල පිටින්ම පරිත්‍යාග කරනා විදිහයි.රාගයෙන් තොර සද එලිය තරම් සෞම්‍ය ප්‍රේම කතා නෑ කියලා කවුරු කීවත් ඒ හුරුපුරුදු ජීවන මග නැවතුණු අනාරාධිත සුවද ආත්මයපුරාම සුවද විහිදනතුරු නම් කිසිසේත්ම පිලිනොගනිවී.
හර්ෂි.......