Monday, 9 July 2018

දූෂිත මැණික...

රෑ වැස්ස මුරුගසන් 
 වරුසාවෙන්
තෙත් වුන මැටි පොලවේ
සීතල දැනුනා මට
සිදුරු වුන පැදුරෙන්
අරුමැක්කෙ යාන්තමට
ආපු ඉර එළියෙන්
දැක්කා තනිවෙලා වග
ඌ ඉරලා විසිකරපු
මගේ රතු මල් ගවුම
ගංඟානම් ගඟ දුර වැඩියි
හෝදලා යවන්න
ඇඟේ රතු වෙච්ච තැන්
අප්පච්චී.....
පතලක් පතුලෙ
දහඩිය හලමින්
මුදලාලිට හෙව්වා
මැණික්.....
මුදලාලි
දාඩිය හලමින්
උගේ අලවංගුවෙන්
කැබලි කලා
අප්පච්චීගේ
වෛරෝඩි මැණික.....
-හර්ෂි-

17 comments: